පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අශෝක් ඊයේත් CIDයට ගිහින් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන විමර්ශනයට මුහුණ දීම සදහා ඔහු ඊයේ (09) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බව වාර්තා වේ.

 

ඒ වෙනුවට ඔහුගේ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා අශෝක් අබේසිංහ මහතාගේ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

 

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරේදා (08) දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස  දන්වා තිබුණ ද අශෝක් අබේසිංහ මහතා එහි ගොස් නොතිබුණි.

 

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් පසුගියදා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත්වේ.