පාස්කු ප්‍රහාරය යට , ඇත්තේ කුමක්ද ? කාදිනල් හිමියෝ ප්‍රශ්ණ කරති !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් යටින් ඇති බවක් වැටහෙන්නේයැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කර සිටී .

වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කරගන්නා තෙක් සිය අරගලය අත් නොහරින බවය.

මෙහිදී උන්වහන්සේ මෙසේද පැවසීය

ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.

අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්, රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව . මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා .

ඒ නිසා මේ ප්‍රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා