ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාල වකවානුවට අදාළව සහ පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ භාරයට ගන්නා ලෙසත් ඒ පිළිබද වාර්තාව ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන ලෙසත් පොලිස්පතිවරයාට ඊයේ (10) නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළව නීතිපතිවරයා එම උපදෙස් දී තිබුණි.
විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එවැනි ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.