පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකුට covid-19 ආසාදනය වී තිබේ.
මේ හේතුවෙන් එම විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පනස් දෙනෙකුට අධික පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.
ඉහත පොලිස් කොස්තාපල්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒකකයේ සේවය කරන අයෙකි.