ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව එම අවසන් වාර්තාව සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනු කමිටුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (03) ඔවුන් රැස්ව තිබූ අතර එහිදී වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.
පාස්කු කොමිසමේ වාර්තාව අධීක්ෂණයට පත්කළ ඇමති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
“චමල් රාජපක්ෂ ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කැබිනට් අනු කමිටුව ඉදිරියට අද(3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂතුමන් හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂතුමන් කැඳෙව්වා. කොමිෂන් වාර්තාවේ තියෙන නිර්දේශ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ අය සමග සාකච්ඡා කිරීමක් කළා. රජයේ භාරයේ මේ මෙහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. ඒ නිසා විශාල විමර්ශනයක් පොලීසිය විසින් සිදුකරලා අවශ්‍ය සාක්ෂි සොයාගෙන තියෙන්නේ. පොලීසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ, කොමිෂන් සභා වාර්තාව පැමිණෙන තුරු. කරුණු සියල්ල අරගෙන නුදුරේ දීම අවශ්‍ය චෝදනා ගොනුකිරීම නීතිපතිවරයා විසින් කරනු ලබනවා.“