පැය 8ක් තුළ අනතුරු 3කින් 6ක් මරුට – 8ක් ‌රෝහලේ

Picture of අසංක

අසංක

ප්‍රදේශ කිහිපයක ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරු 3කින් පුද්ගලයන් 6 ‌දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 8 දෙනකු තුවාල ලබා ‌රෝහල්ගත කර ඇත.

නුවරඑළිය වැලිමඩ මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශයේදී ‌ලොරි රථයක් ‌පෙරලී සිදුවූ අනතුරකින් ‌‌දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 ‌දෙනකු තුවාල ලැබීය.

ඇලහැර 12 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් එහි ගමන් ගත් පියා මියගොස් දියණියන් ‌දෙදෙනා තුවාල ලබා තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවී ඇති අතර එහිදී 3 ‌දෙනකු මියගොස් 2 ‌‌නෙකු තුවාල ලැබීය.

අනතුරට ලක්ව තිබුණේ බස් රථයක් හා වෑන් රථයකි.