අද උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ විශේෂ බලකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරියි ඔහු ඉතා දක්ෂ සහ පලපුරුදු පැරෂුට් සෙබලෙක් ලෙස වාර්තා ගනනකට හිමිකම් කියයි.
මෙම යුද හමුදා සෙබලා අද පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේය.
පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී ඉන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වමේ සිට යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි,