පැරීසියට රාත්‍රි ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය යළි උත්සන්න වීම හේතුවෙන් පැරිස් නුවර ඇතුළු තවත් නගර 8ක රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ, මෙම නීතිය ලබන සෙනසුරාදා සිට බලාත්මක වන අතර අවම වශයෙන් සති හතරක කාලයක් බලපැවැත්වෙනු ඇති බවටය.

මීට අමතරව ප්‍රංශයේ මහජන සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර තැබෑරුම්, අවන්හල් ඇතුළු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි ස්ථාන නියමිත කාලයට පෙර වසා දැමිය යුතු බව ජර්මනිය නිවේදනය කළේ ය.

ඒ ඉකුත් අප්‍රේල් මාසයට පසු ප්‍රථම වරට ජර්මනියෙන් 5000 ඉක්මවූ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවීමත් සමගයි.