පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට විවෘතවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට දිනයේ සිට අදියර දෙකක් ඔස්සේ විවෘත කිරීමට සැලසුම් කර ඇත .

දින 55ක් මත්ස්‍ය වෙළෙඳපොල  අක්‍රියව තිබු අතර , නවීකරණය කිරීමෙන් අනතුරුව හෙට යලි එය සක්‍රීය කෙරෙන බව වෙළඳ සංකීර්ණයේ ලේකම් ජයන්ත  කුරේ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මත්ස්‍ය වෙලෙදපොළේ කඩ 154 අදියර දෙකක් යටතේ දවසක් හැර දවසක් වෙළෙඳුන් කොටස් දෙකක් වෙන් වෙන්ව වෙළෙඳාම් සිදුකරන බව ද ඔහු සඳහන් කළේ ය.