පින්බර නවම් පෝය අදයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනය මුල් කරගෙන සිදුව තිබේ. රජගහ නුවර වේළුවනාරාමයේදී දහස් සංඛ්යාත මහරහතන් වහන්සේලා මැද බුදු හිමියන්ට පමණක් ප්රඥාවෙන් දෙවැනි වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකුණත් ශ්රාවකයන් වහන්සේ ලෙසත්, මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ වමත් ශ්රාවකයන් වහන්සේ ලෙසත් අග්ර ශ්රාවක තනතුරු ලැබුයේ අද වන් නවම් පුන් පොහෝ දිනකයි. බුදු සසුනෙහි මුලින් පැවිදි උපසම්පදා ලත් භික්ෂූන් වහන්සේ සිටියදී තථාගතයන් වහන්සේ විසින්, මෑත කාලයේ බුදුසසුනෙහි පැවිදි උපසම්පදා ලත් මේ සැරියුත් හා මුගලන් හිමිවරුන්ට අග්රශාවක තනතුරු පිරිනමන ලදැයි සමහර භික්ෂූන් වහන්සේ අතර කතාබහක් මතුවිය. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ වදාළේ මේ සැරියුත්, මුගලන් තෙරුන් වහන්සේලා දෙනම අග්ර ශ්රාවක බව පතාම සසරෙහි බොහෝ පින් දහම් කළ බවයි කියා උන්වහන්සේලාගේ අතීත ප්රවෘත්ති කතාව ගෙන හැර දැක්වූහ.

බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක පිරිස හට උන්වහන්සේලාගේ හික්මීම පිණිස ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කොට වදාළේ නවම් පුන් පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ තම ශ්රාවකයන් වහන්සේ, එක් ස්ථානයකට රැස් කරවා මසකට හෝ තෙමසකට හෝ සය මසකට හෝ වරක් ඉහත සඳහන් ඕවාද ප්රාතිමෝක්ෂ දේශනාව කොට වදාරති. එය බුදුහිමියන්ගේ සිරිතක් ද විය.

උමංග බණ්ඩාර