පියාගේ පොලිටිකල් කැම්පේන්වලට කප්පම් ඉල්ලූ මාලක අත්අඩංගුවට ගන්න සොයයි

Picture of අසංක

අසංක

සිය පියාගේ දේශපාලන වැඩ සදහා රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ සමයේදී ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කළ හිටපු ඇමතිවරයෙක් වන මර්විල් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

තලංගම පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (10) ඔහු පදිංචිව සිටින බව සදහන් නාරාහේන්පිට පිහිටි නිවසට ගොස් පරීක්ෂාවක් කර ඇතත් මාලක සිල්වා මහතා ඒ වන විට නිවසේ සිට නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා කීය.

මෙම කප්පම් මුදල ඉල්ලා ඇත්තේ මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බත්තරමුල්ලේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙනි.

ඔවුන් දෙදෙනා කලක් මිතුරන් බව පොලීසිය කියයි.