දිවයින පුරා වෙළඳසැල් අහඹු ලෙස පරීක්ෂා කර පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත්දැයි සොයාබැලීමට සාම්පල පරීක්ෂා කිරීම තවදුරටත් සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඊයේ දිනයේ අදාළ පොල්තෙල් ගෙන්වා ඇති ප්‍රධාන සමාගම් දෙකේ සාම්පල පරීක්ෂාවට ලක්‌කිරීම සඳහා ලබා ගෙන ඇත.
ආනයනික පොල්තෙල් බහාලුම් 13ක පරීක්ෂාවකදී ඒවායේ පිළිකාකාරක අඩංගු බවට අනාවරණ වී ඇති පසුබිමක පොල්තෙල් මෙට්‍රික් ටොන් 800ක් පෙරේදා රාත්‍රියේ කොළඹ වරායෙන් මුදා හැර ඇති බව වාර්තා විය.
ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොක්සීන්ස් නම් පිළිකා කාරකය අඩංගු බවට පෙරේදා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය
මුල්වරට අනාවරණ කර තිබුණි.