පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි

Picture of අසංක

අසංක

කොළඹ -07 නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්‍රදර්ශනාගාරයට ඊයේ සවස කඩාවැදී රුපියල් කෝටි 6කට අධික අලාභයක් කළ සුඛෝපබෝගී ජීප් රථය පදවා ඇත්තේ නුගේගොඩ ප්‍රදේශය බාරව සිටින පොලිස් අධිකාරිවරයාගේ දුව බවට හෙළිවී තිබේ.

පසුගිය වසරේදී ගාලු පාරේ දී යතුරු පැදියක ගමන් ගනිමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරුමුවට පත්කරමින් ඩිෆෙන්ඩර් ජීප් රථය පැදවූ තරුණයාද මෙම පොලිස් නිලධාරියාගේ පුත්‍රයා වන අතර එහි නඩු කටයුත්තක් තවම විභාග වෙමින් පවතී.

පොලිස්පති අධිකාරීවරයාගේ දියණිය විසින් පැදවූ සුපිරි ජිප් රථය කඩාවැදීම නිසා එම ප්‍රදර්ශනාගාරයට සහ එහි විකිනීමට තබා තිබූ රථවාහනවලට බරපතල හානි සිදුව ඇත.

ඇයට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

නන්දා මෝටර්ස් ආයතනයේ වාහනවලට මෙලෙස බරපතළ හානි සිදුව ඇත.

මෙම තරුණිය රිය පදවන විට මත්ද්‍රව්‍ය ගෙන සිටියේද යන්න පිළිබඳවද පරීක්ෂණවලට යොමු කොට ඇත.