පුද්ගලයකුගේ අත්පා වෙන් කළ සැකකරු පොලිස් මෙහෙයුමක් අතරතුර මරුට

Picture of අසංක

අසංක

වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත්පා වෙන්වන සේ කපා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කරන ලද මෙහෙයුමකදී අද උදෑසන මිය ගොස් තිබේ.

සැකකරු වේයන්ගොඩ බාන්දුරාගොඩ පාර පදිංචි 37 හැවිරිදි මහාධිකරණයේ නඩු තුනක සැකකරුවෙකි.

අද අළුයම මොහු වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට කිසියම් මෙහෙයුමකට රැගෙන ගිය අවස්ථාවේ දී සැකකරු සිදුකළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් රියදුරා තුවාල ලබා ඇති අතර එහිදී පොලිසිය කල වෙඩි තැබීමක දී තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කීරීමේ දී මියගොස් තිබේ .

මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

එහිදී තුවාල ලැබූ පොලිස් රියදුරා ගම්පහ රෝහල් ගත කර ඇත.