පුද්ගලික රෝහල්වල කාර්යමණ්ඩල වෙත කොවිඩ් එන්නත ලබන සතියේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පුද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ලබන බදාදා දින සිට ආරම්භ කෙරේ .

ප්‍රධාන රෝහල්වලදී එම එන්නත්කරණ කටයුතු සිදුකිරිමට සැලසුම්කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී .

මේ වනවිට ,කොරෝනා මර්දන එන්නත් ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 186,654 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , එම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ත්‍රිවිධ හාමුදා හා පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති බවයි .