පුරාවිද්‍යා ස්ථානවලට හානි කළොත් වන්දිය ලක්ෂ 20යි

Picture of අසංක

අසංක

පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කර තිබෙන ස්ථානවලට හානිකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට මෙතෙක් පැනවූ දඩමුදල වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පුරාවිද්‍යා ස්ථානවලට හානිකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වන පුද්ගලයකුට පැනවූ අවම දඩමුදල රුපියල් 20000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා ද රුපියල් ලක්ෂයක් ලෙස පැවැති උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ද වැඩි කර ඇත.

මෙම දඩමුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.

ඉෂාර රත්නකාර