පුවත්පත් පඩි පාලක සභාවට අමාත්‍යවරයා විසින් නම්කරන නියෝජිතයින් තිදෙනා ලෙස ප්‍රථම වරට, මාධ්‍යවේදීන් තිදෙනෙකු තෝරා පත්කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන ඇත .
ඒ අනුව දිනමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු මෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සී . දොඩාවත්ත මහතාද , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතාද , දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාද මේ සඳහා පත්වීම් ලැබ ඇත .