පූගොඩ පොලිස් අත්අඩංගුවට ගත් තරුණයකු අසනීප වීම රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.
මේ පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු 21 හැවිරිදි අයකු වනු අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා රාත්‍රියේ ය.
ප්‍රතිකාර සදහා ඔහු ඇතුළත් කර ඇත්තේ රාගම රෝහලට ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරු මියයාම නිසා කොළඹ අශ්වාරෝහක කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ යටතේ විමර්ශනය ක්‍රියාත්මකය.
යම් හෙයකින් පොලිස් නිලධාරීන්ගේ බලපෑමකින් සිදුවූවක් නම් ඒ සදහා අධිකරණමය හෝ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.