පූජ්‍ය පක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටී
“වගවන පාලනයක් සඳහා පුරවැසියන්” යන මැයෙන් ඊයේ(10) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.
පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී දේශපාලන වේදිකාවලින් ඈත්ව සිටිය යුතු බවත් එවිට ඉන් රටට ආශිර්වාදයක් ලැබෙන බවත් කාදිනල්වරයා සඳහන් කළේය.