පූජිත හේමසිරි පෙබරවාරි 03 දක්වා රිමාන්ඩ්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ පොලිස්පති පූජිත් ජයසුන්දර පෙබරවාරි  මස 03 වැනි දා තෙක් තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා. 

නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සැකකරුවන්ට මීට පෙර ඇප මත මුදාහැරීමට කළ නියෝගය අත්හිටුවා ඔවුන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය ඔක්තෝබර් මස 09 වැනිදා නියෝග කර තිබුණා.