(දම්පත් රණසිංහ)
පූර්ණ එන්නත්කරණය රහිත කිසිදු පුද්ගලයෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම එම ස්ථානවල ගැවසීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.
අද උදෑසන එම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙන අතර අද සිටම නීතිය බලාත්මක වේ.
පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති බවට සාධක, කිසියම් අයෙකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයන් සහ එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබඳව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
මේ සම්බන්යෙන් මාධ්‍ය කල විමසීමකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, පොදු ස්ථාන, පූර්ණ එන්නත්කරණය, එන්නත්කරණය සිදු කළ යුතු වයස් කාණ්ඩ සහ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි නිර්නායක ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවය.
ගැසට් නිවේදනය පහත දැක්වේ –