ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ. මේ වනවිට මෙරට තුළ බූස්ටර් හෙවත් තෙවැනි මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660, 797 ක් ලෙස ඊයේ වනවිට වාර්තා විය. ඊයේ වනවිට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16, 454 කි.