ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 15කට වඩා ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ පිළිබඳව කල සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
ඒ අනුව ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී ඇත.
අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී මෙසේ විශාල අතිකාල ගෙවීම් කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ.