පෙම්වතියට වීඩියෝ ඇමතුමකින් පේන්නට සලස්වා හමුදා සෙබළා ගෙළ වැළලන්

Picture of අසංක

අසංක

සිය පෙම්වතියට වීඩියෝ ඇමතුමක් ගෙන ඇයට පෙනෙන්නට සිය දිවි හානිකර ගත් යුද හමුදා සෙබළකු පිළිබඳ පිළියන්දලින් වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානයේ සේවය කරන කර්නල්වරයකුගේ සහායකයා මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ පිළියන්දල පිහිටි කර්නල්වරයාගේ නිවස තුළදීය.

කර්නල්වරයා සහ පවුලේ අය මංගල උත්සවයකට සහභාගි වීමට බැහැර ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

මියගොස් තිබුණේ 24 හැවිරිදි අනුරාධපුරය පදිංචි යුද හමුදා සෙබළෙකි.

ඔහු පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයට වීඩියෝ ඇමතුමක් ගෙන ඇයට බැනවැදී ඇයට පෙනෙන්නට සලස්වා ගෙළ වැළලාගෙන ඇත්තේ නයිලෝන් ලණුවකිනි.

සෙබළාගේ ජංගම දුරකථනයේ සියල්ල පටිගත වී තිබියදී සොයාගෙන ඇත.