පොත් කඩ ඇරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ පොත් සාප්පු විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අවසර ලබා දී තිබේ.

ඒ සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මේ යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පොත් අලෙවි සැල් විවෘත කිරීමට ඉඩ ලබාදේ.

ගෙවුණු වසර එකහමාර තුළ වරින් වර රට වසා දැමීම නිසා පොත් ප්‍රකාශකයන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති අතර පොත් අලෙවිසැල් වසා තැබුවද මාසික කුලී ගෙවීම් වැටුප් අආදිය ගෙවීමට සිදුවීම නිසා ඇතිවූ බරපතළ ආර්ථික අර්බුදය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ඉල්ලීමක් සලකා බලා පොලිස්පතිවරයා මෙම ඉල්ලීම කර තිබුණි.