ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම ඉදිරියේදී හිටපු අමාත්‍ය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව ඇත.
විජයාරම පෙදෙසේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සෑම අගහරුවාදාම මෙම රැස්වීම මීට පෙර පැවැත්විණි. නමුත් පසුගිය සති කිහිපයේම අදාල රැස්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පවත්වා නැත.
අදාල රැස්වීමට අනාරාධිතව පැමිණෙන පුද්ගලයන්ගෙන් රැස්වීම් සාකච්ඡා සදහා සිදුවන බාධාව සළකා මෙම රැස්වීම මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පවත්වන්නැයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් රැසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා අැත.
ඒ අනුව නොබෝදිනකින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට ඉඩකට තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් www.thecolomboexpress.com වෙත පැවැසීය.
රමේෂ් වරල්ලෙගම