පොදු සමාව දෙන්න සුදුසු සිරකරු නාමලේඛනයක් ජනපතිට

Picture of අසංක

අසංක

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

ජනපති අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම ලේඛනයේ ඇතුලත්ව ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් බව වාර්තාවේ.

සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගියදා කමිටුවක් පත් කළ අතර බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීම එහි අරමුණ විය.