පොර්ට් සිටි පනත ලබන 19 , 20 දෙදින විවාදයට ගැනේ

port-city-colombo
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත

මෙයට අමතරව පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් රැස්වීමටද එම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත .

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී රැස් වනු ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන් එම ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කර ඇත.