පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පහළ මට්ටමේ පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් සිදුවන බවත් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා වෙත පෙත්සමක් බාරදීම අද පෙරවරු 11.15ට සිදුකෙරේ.
බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී සිදුවන මෙම පෙත්සම බාරදීම කරනු ලබන්නේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසිනි.
පොලිස්පතිවරයා හැර පහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු හා සේවය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම සංගමය විරෝධය පළ කර සිටියි.
මෙම කරුණු ඇතුළත් නිවේදනයක් එම සංගමය විසින් නිකුත් කර තිබූ අතර එය පහත දැක්වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/motorbike.jpg)