පොලිස් නිලධාරීන් අතර කොරෝනා වෛරසය පැතිරයාම තව දුරටත් ඉහළ යමින් නිලධාරීන් 183 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඒ අතුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු 55ක් සිටිති.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 47ක් ද බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 20ක් ද ඒ අතර වේ.