පොලිස් නිළධාරීන්ගේ විනය සොයන්න වෙනම ඒකකයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට  බලාපොරොත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය වෙත පැවසීය

 

යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවත් පොලීසියේද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවත් රාජ්‍ය ඇමතිවරයා මෙහිදී  ප්‍රකාශ කළේය.

 

තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය .

 

පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විසමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මේදිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බවත් ඔහු පැවසුවේය.