දම්පත් රණසිංහ
පොලිස් මූලස්ථානයේ සේවයකරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
ඒ අය අතර පොලිස්පතිවරයාගේ කාර්‍යාලය පිහිටි තුන්වැනි මහලේ නිලධාරියකුට ද වැළඳී ඇතැයි වාර්තා වේ.
මේ අනුව පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට කටයුතු කෙරේ.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් දුරස්ථ ලෙස රාජකාරි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
කොවිඩ් ආරක්ෂණ වැඩපිළිවෙළ දැඩි කිරීමට ද පියවර ගැනීමට නියමිතය.