පොලිස් මෙහෙයුම් හේතුවෙන් ඉකුත් සති දෙක තුළ සීඝ්‍ර ලෙස මිල ඉහළ ගිය හෙරොයින් මත්කුඩු මිල මේ වන විට පහළ ගොස් තිබේ.
මත්කුඩු පානයට ඇබ්බැහිවී සිටින්නන් පානය කිරීමට මිලදී ගන්නා හෙරොයින් පැකට්ටුවක මිල පසුගිය සති දෙකට පෙර පැවතියේ රුපියල් 800 කටය.
ඉකුත් සති අන්තය වන විට පැකට්ටුවක මිල රුපියල් 2500 ත් 3000 ත් අතර මිලකට ඉහළ ගියේය.
එසේ මත්කුඩු මිල ඉහළ යන්නේ පොලිස් වැටලීම් හේතුවෙන් මත්කුඩු මිල ඉතා සීග්‍ර ලෙස අඩුවීම හේතුයෙනි.
එහෙත් මේ සතිය වන විට පැකට්ටුවක මිල රුපියල් 500 දක්වා පහළ බැස තිබේ.
ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ යම් සොයා බැලීමක් කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ හෙරොයින් තොග නැවතත් ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බැවිනි.
මෙම තත්වයට හේතුව විදෙස්ගතව සිටින ජාවාරම්කරුවන් දිගින් දිගටම මත්කුඩු ජාවාරම මෙහෙයැවීම නිසා බව බුද්ධි අංශ සදහන් කරයි.