පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර සමරසේකර මහතා පත්කර තිබේ.
1992 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඒ මහතා 1996 දක්වා පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සේවය කර තිබේ.
අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති ඔහු 2001 වසරේ ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යාංශයට එක්ව ඇති අතර ඔහු උසස්වීම් ලබන විට වසර 20ක පමණ ළමා හා කාන්තා කාර්යාංශයේ සේවය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය මගින් පවත්වන ලද ළමා අපයෝජන හා ළමා ලිංගික සේවය සම්බන්ධයෙන් ද ඔහු විශේෂ පාඨමාලාවක් හදාරා ඇති අතර ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරි යෙකි.