පොලිස් OIC හප්පා පලාගිය 8ක් අත්අඩංගුවට – ප්‍රා. මන්ත්‍රීවරයෙක්, මහින්දානන්දගේ පුතත් ඒ අතර

Picture of අසංක

අසංක

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනතුර සිදුකළ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද අයත් වේ.

අනතුර සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත වේ.

එම ජීප් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් වේ.

අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම කොළඹ බුලස් හන්දියේදී අනතුර සිදුවී තිබිණ.