වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය අගෝස්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.අත්අඩංගුවට පත් සැකකාරියන් අද(21) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
19 වන දා සවස 4 සිට රාත්‍රී 8 දක්වා මාර්ග බාධක රාජකාරියේ යෙදී මෙම නිලධාරීන් සිට ඇති අතර එහිදී සවස 5.15 ට පමණ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරිමේ දී එම අවස්ථාවේ දී යුතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙක් බලපත්‍ර තිබී නොමැත.
එම අවස්ථාවේ දී යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැසිය රැගෙන යෑමට උත්සහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහිදී එම අවස්ථාව රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වීඩියෝ ගත කර ඇත. පොලිස් නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය හා පසුව ආ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ.
පසුව සැකකාරිය හා එම ස්ථානයට පැමිණි පිරිස වෑන් රථයකින් පලා ගොස් ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් අද(20) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ පටය ද සමඟ කරුණු වාර්තා කර තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ සැකකාරියන් තිදෙනාට හා සැකකරුට වරෙන්තු නිකුත් කර ඇත.
මෙසේ ඊයේ(20) දිනයේ දී අත්අඩංගුවට පත් ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන අයයි.
වරෙන්තු වී සිටින අනෙක් සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.