පොලීසියේ තෙලෙන් මැති ඇමතිවරුන්ගේ වාහන දුවයි.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාදෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

රටේ මේ වන විට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව මෙම පියවර ගන්නා ලෙස මෙම දැනුම් දීම කර ඇත්තේ ඊයේය.

ඉන්ධන ලබාගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ රැදී සිටිය යුතුය. ඉන්ධන ලබාදෙන්නේ අත්පිට මුදලට බවද එහි සඳහන්ය.