පොලී ඉහළට

Picture of අසංක

අසංක

පොලී අනුපාත ඉහළ නැංවීමට මහබැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙය අද(03) දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද(03) දින පැවති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.