පොහොට්ටුව බහුතරයට කිට්ටු වෙයි – ආසන 100ක් දැනටමත් හිමියි

Picture of අසංක

අසංක

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දැනට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව මේ වනවිටත් ආසන 100ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

ආසන 113ක් හිමිකරගත් පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්ණ කරනු ලබයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවන්නේ ආසන 150ක් හිමිකරගන්නා දේශපාලන පක්ෂයට ය.

ඒ් අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවට ඉතා ආසන්න වෙමින් සිටී.

පාර්ලිමේන්තුවේ ආසන 196ක් වෙනුවෙන් මෙම මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර 225 සම්පූර්ණ කිරීම සදහා සෙසු ආසන සංඛ්‍යාව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ කෙරේ.