පොහොට්ටුව හෝ එජාපෙට නැති පක්ෂ එක්ක NPP සාකච්ඡා අරඹයි

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නැති සියලු පක්ෂ සමග ඉදිරියේදී සාකච්ජා ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත.

ජාතික ජන බලවේගයේ අරමුණු හා ප්‍රතිපත්ති පිළිබඳව එම පක්ෂ සමගද පුළුල්ව සාකච්ජා කිරීමට කටයුතු කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය .

මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන සැප්තැම්බර් මස පළමු වන දා සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය .

එදින ජනතා වීමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවත්වන පළමු රැස්වීම එදින උදෑසන 9.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.