ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් පමණක් බවත් මෙහිදී නඩු පවරා ඇත්තේ චීන සමාගමකට මිස චීන ආණ්ඩුවට එරෙහිව නොවන බවත් අධිකරණය හමුවේ තියෙන නඩුවක අන්තර්ගතය පිළිබඳ කිසිවක් කථා කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරත් කීය.
රටවල් දෙක අතර උරණවීමක් හෝ රටවල් දෙක අතර ප්‍රශ්නයක් ලෙස නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ(08) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.