දේශීය වෙළඳපොළේ යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටිය රුපියල් 18500 සිට රුපියල් 11000 දක්වා පහළ හෙළීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
ඒ අනුව නොබෝ දිනකින් එම අඩු මිල යටතේ අදාළ සමාගම් පොහොර අලෙවි කරනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.
මෙම මිල පහත හෙළීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනටමත් තමන් දැනුවත් කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.