පොහොර සහනාධාරයෙනුත් වංචා කරලා

Picture of අසංක

අසංක

පොහොර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණ යක්ආරම්භ කර ඇත.

ඒ සඳහා අභ්‍යන්තර විගණන අංශයේ කණ්ඩායමක් පත් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පොහොර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වූ චෝදනා කිහිපයක් මෙම පරීක්ෂණවලට පදනම් වී ඇත.

රජය ලබා දෙන පොහොර සහනාධාරය මෙම ක්‍රියාවලිය තුළින් අවභාවිත වී ඇති බවටද දැනට තොරතුරුව් වාර්තාවී ඇත.

වගා කරන බිම් ප්‍රමාණය වෙනස් වුවද සෑම කන්නයකම එක හා සමාන පෙහොර තොගයක් නිකුත් කිරීම පිළිබඳව ද ගැටලු මතුවී ඇති බව ද අමාත්යංශය පවසයි