පෝය-ඉරිදා දිනවල ටියුෂන් නැවැත්වීමට නීතිපති උපදෙස්

Picture of අසංක

අසංක

ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

අදාළ යෝජනාවට කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග, ඉස්ලාම් දහම නියෝජනය කරමින් අමාත්‍ය ඒ. එච්. එම් හලීම්, හින්දු ආගමික කටයුතු වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් මේ වනවිට අත්සන් තබා ඇත.

පැතුම් වික්‍රමරත්න