මෙරට තුළ මරණ ද්‍රඩුවමට නියම වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 217ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා පවසයි.
විවිධ වැරදි වෙනුවෙන් මොවුන් අධිකරණය හමුවේ වැරදිකරුවන් වූ අයයි.
එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව 2017 වසර වනවිට එලෙස මරණ දඩුවමට නියමවූවන්ට ගැහැණු 13ක් හා පිරිමි 204ක් ඇතුළත් ය.
විවාහ වූ පුද්ගලයන් 202ක් අවිවාහක 14ක් හා නීතියෙන් වෙන්වූ හෝ දික්කසාද එක් අයකු මෙම මරණ දඩුවම ලැබූ අයගේ ලැයිස්තුවට ඇතුළත් වේ.
2007 වසර හා සසදා බැලීමේදී වසර 10ක් තුළදී මෙලෙස මරණ දඩුවමට නියමවූවන් ගණන 159කින් වැඩිවී තිබේ.
මූලාශ්‍ර – බන්ධනාගාර දෙපාර්තමේන්තුව