පෝලන්තයේ ගැහැණුන් විතරක් ඉපදෙන ගමක් – පිරිමි උපන්නොත් තෑගි

Picture of අසංක

අසංක

දකුණුදිග පෝලන්තයේ කුඩා ගමක් වන Miejsce Odrzańskie හි දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඒකම පිරිමි දරුවකු හෝ ඉපදී නැහැ.

ඒබැවින් එහි නගරාධිපතිවරයා විසින් අලුත විවාහ වූ යුවළවල් වෙත දැනුම් දී ඇත්තේ පිරිමි දරුවකු උපත ලදහොත් පුදුමය දනවන වටිනා තෑග්ගක් පිරිනමන බවයි.

‘මම දන්නවා මේ තත්වය තරමක් අසාමාන්‍යයි. ඒ වගේම ඇයි එහෙම වෙන්නේ කියන එකත් සොයාබැලිය යුතුයි. මගේ පැත්තෙන් මම තීරණය කළා පිරිමි දරුවකු ඉපදෙන යුවළලකට ත්‍යාගයක් පිරිනමන්න. ඒ් වගේම මට කියන්න පුළුවන් ඒ ත්‍යාගය ඉතා වටිනා එකක් වනු නිසැකයි’ නගරාධිපති රජ්මුන්ඩ් ෆිච්කෝ පවසයි.