රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල්, සුපිරි වෙළෙඳසල් හා සිල්ලර අලෙවිසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුණ ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.
සතොස හා සුපිරි වෙළඳසල් සඳහා භාණ්ඩ නිවසටම ගෙනගොස් දීමට අවසර ලබාදී ඇත.
නැවත දැනුම්දෙනතුරු මෙම නියෝගය ක්‍රියාත්මක ය.