බොලිවුඩ් සුපිරි තරු පවුලක් වන බච්චන් පවුලේ අමිතාබ් මෙන්ම පුතු අභිශේක් බච්චන්ටත් කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී තිබේ.
එම පවුලම හා ඔවුන් පසුගිය දිනවල ඇසුරු කළ සියලුම දෙනා PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි එරට වාර්තා පවසයි.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් සමස්ත ගණන 8,21,000ක් පමණ් වේ.
එරට තුළ කොරෝනා රෝගීන් 5,15,000ක් සුවවී ඇති අතර 22,123 දෙනෙකු මියගොස් ඇත.