බටහිර රටවල කොරෝනා පැතිරීම ගැන IS ත්‍රස්තයෝ සතුටින්

Picture of අසංක

අසංක

කොවිඩ් 19 වසංගතය බටහිර රටවල් වල වේගයෙන් පැතිරයාම පිළිබඳව සතුටට පත්වන බව අයි එස් අයි එස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම අවස්ථාවේ හැකි උපරිම ශක්තිය යොදවා සතුරන්ට සහ ඔවුන්ගේ මර්මස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීමට තම සංවිධානය සැලසුම් කරමින් සිටින බවද අයි එස් අයි එස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන අබු හම්සා අල්-කුරේෂි විසින් සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

” මේ වතාවේ දෙවියන් වහන්සේ ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා.

දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” යයි අබු හම්සා මෙහිදී සඳහන් කර ඇත…

සිය සතුරන්ට කිසිදු ලෙස බියෙන් තොරව ජිවත් වීමට ඉඩ නොතබන ලෙසද මෙම පණිවිඩය මගින් අයි එස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත.