බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වඳුරඹ, ලංකා විදුලබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාට පහර දී රාජකාරියට බාධා කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ චෝදනා මතයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලින් විදුලි රැහැන් ඇදීමේ දී බාධා කිරීමක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සැකකරු අද(07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පහරකෑමට ලක්වු පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇත.